ලලිත් ඇතුලුමුදලිගෙන් ගත් ආදර්ශත් එක්ක රට හදන්න සැලසුම් හදන එරාන්. (VIDEO)
By Wayomi
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය ගොඩනැගීමට සමගි ජන බලවේගයට ආර්ථික වැඩ පිළිවෙලක් ඇති බව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින්.
එමෙන්ම ඔහු එහිදී දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ පරිහානි සහ එයට වගකිවයුත්තන් ගැනත් වැඩි දුරටත් පෙන්වා දෙනවා.
ඒ වගේම 1948 ආර්ථිකමය වශයෙන් ජපානයට දෙවෙනි තැන ලංකාව තිබූ බවත්, තේ අපනයනයෙන් පවා ලෝකයෙන් පළමු තැන හිටපු ශ්‍රී ලංකා මේ වන විට පස්වන තැනට පත්ව ඇති බව එරාන් වික්‍රමසිංහ අවධාරණය කරනු ලැබුවා.
මෙම අවස්ථාවේදී ඔහු වැඩි දුර අදහස් දැක්වූයේ මේ ආකාරයටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |