අම්මෝ මෙන්න මන්ත‍්‍රීනිගේ පුතා ඩුබායි වල කුඩු ලොක්කෙක්ලු

Report

එප්පාවල මත්ද්‍රව්‍ය ජාවාරම , නාගරික මන්ත්‍රීවරියගේ කැලණියේ පිහිටි නිවස පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඉදිරි දින කීපයේදී ඇයගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ නාගරික මන්ත්‍රීවරියගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාරගත කර සිටින අතර මෙම ජාවාරම සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරියගේ සැමියා වන එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක විදුහල්පතිවරයකු පොලිසිය මගින් රුපියල් කෝටි දෙකක මත්ද්‍රව්‍ය සමග පෙරේදා (05දා) අත්අඩංගුවට ගත්තේය.

එම විදුහල්පතිවරයාට අයත් එප්පාවල පිහිටි හෝටලයක සඟවා තිබියදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 20ක් අත්අඩංගුවට ගත් අතර එම හෙරොයින් ඔහුගේ පුත්‍රයා විසින් ගෙනැවිත් සඟවා තිබූ ඒවා බව මේ වනවිට හෙළි වී ඇති අතර සැකකාර විදුහල්පතිවරයාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා වන ශෂී නමැත්තා විසින් මෙම හෙරොයින් තොගය ඩුබායි රාජ්‍යයේ සිට එවා ඇති බවද අනාවරණය වී ඇත. නාගරික මන්ත්‍රීවරියගේ පුත්‍රයා මීට පෙරද අවස්ථා කීපයකදීම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වී බන්ධනාගාරගත වූ අයෙකි.

මේ සම්බන්ධයෙන් එම සැකකරුගෙන් ද ප්‍රකාශ ලබාගැනීමට නියමිතය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව විදුහල්පතිවරයා ද දැනුවත්ව සිට ඇති බව පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලින් හෙළි වී ඇත. සැකකාර විදුහල්පතිවරයා රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගැනීමට නියමිතය. උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වාගෙන යයි.

මේ අතර අනුරාධපුර එප්පාවල හෝටලයකදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් විස්සක් සමග අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා සහ අනෙක් තරුණයා ලබන 12 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට තඹුත්තේගම මහෙස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මෙනෙවිය නියෝග කළාය. මෙසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලා මහත්මියගේ සැමියා වන එප්පාවල, විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ ජයන්ත බාලසූරිය (59) හා ඔවුන්ට අයත් හෝටලයේ සූපවේදියකු ලෙස කටයුතු කළ එප්පාවල, නල්ලමුදාව නැඟෙනහිර පදිංචි හෙට්ටිආරච්චිගේ තරිඳු ධනංජය වික්‍රමසිංහ නොහොත් සඳුන් නම් විසිනව හැවිරිදි අයයි.

මේ අතර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ දේපළ පිළිබඳව විමර්ශනයක් ද ආරම්භ කරන බව පොලිසිය පවසයි. ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රිනී දිස්නා නෙරංජලා නමැත්තියගේ සැමියා පෙරේදා (5දා) මත්කුඩු තොගයක් සමග එප්පාවල ඇඳගල ප්‍රදේශයේ ඔවුන්ට අයත් හේටලයකදී අත්අඩංගුවට ගන්නා ලදී.

අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේදී පසුගිය 30 වැනිදා ඉපලෝගම පොලිසිය මගින් මෙම විදුහල්පතිවරයාගේ හා මාලිමා නාගරික මන්ත්‍රීවරියගේ දෙවැනි පුත්‍රයා වන බාලසූරියගේ හිරන් මියුරංග බාලසූරිය නමැත්තා හෙරොයින් ග්‍රෑම් 20ක් අලෙවිය සඳහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු ඊට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සන්තකයේ තබා ගැනීම වැනි චෝදනාවන්ට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අයකු බව පොලිසිය පවසයි. එම සැකකරු පසුගිය 31 වැනිදා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එසේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියදී ඔහුගේ සුවදුක් බැලීමට පෙරේදා අත්අඩංගුවට පත් ඔවුන්ගේ හෝටලයේ සූපවේදියා පැමිණ ඇත. සිය නිවසේ හෙරොයින් පාර්සලයක් ඇති බවත් එය නිවසට හා හෝටලයට ආස්න්න නබඩවැව ආශ්‍රිතයේ සඟවන ලෙසත් සැකකාර පුත්‍රයා උපදෙස් දී ඇතැයි පැවසේ. ඒ අනුව අදාළ සූපවේදියා එය රැගෙන ගොස් සඟවා ඇත. ඒ අතරතුරදී සැකකරුගේ සුවදුක් බැලීමට පැමිණි පියාට එම මත්ද්‍රව්‍ය තොගය සූපවේදියාගෙන් යළි ලබාගෙන නිවස සහිත හෝටලය පිටුපස ආරක්ෂිතව සඟවන ලෙස එම පුත්‍රයා පවසා තිබේ.

රුපියල් කෝටි 02කට අධික වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමාණයක් පාර්සලය තුළ ඇති බැවින් සූපවේදියා එය සොරාගැනීමට ද ඉඩ ඇති බව එහිදී සැකකරු සිය පියාට පවසා ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව සැකකරුගේ පියා එම හෙරොයින් තොගය සැඟවූ පුද්ගලයාලවාම එය නැවත ගෙන්වාගෙන එප්පාවල ඇඳගල පිහිටි නිවසට යාබද හෝටලයේ පිටුපස දොරටුව අසල වළ දමා තිබේ.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව පෙරේදා අදාළ සූපවේදියා පළමුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැඟවූ මත්ද්‍රව්‍ය පිළිබඳව ඔහු තොරතුරු අනාවරණ කර ඇත. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව ඒ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් තිබී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව විදුහල්පතිවරයාගේ නිවස පසුපස සඟවා තිබූ හෙරොයින් පාර්සලය සොයාගත් අතර, කිලෝ එකයි ග්‍රෑම් 185යි මිලිග්‍රෑම් 400ක බරකින් යුත් හෙරොයින් තොගයක් එහි වූ බව පොලිසිය පවසයි.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ සෘජු අධීක්ෂණයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

මෙම ජාවාරමට චෝදනා එල්ලවූ විදුහල්පතිවරයාගේ බිරිඳ වූ ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රිනී දිස්නා නිරංජලා කුමාරි මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා වෙත ඊයේ (06දා) යොමුකර ඇත. අදාළ පිටපත ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා වෙත ද යොමුකර තිබේ.