පැතිර යන තවත් භයානක රෝගයක් - 600කට වඩා පිරිසක් මේ වන විටත් මිය ගිහින්.. රෝගය පැතිරෙන්නේ මෙහෙමයි.

By krishani Oct 12, 2023 03:20 PM GMT
Report

මේ වන විට නයිජිරියාවේ පැතිර යන ඩෙප්තෙරියා රෝගය හේතුවෙන් පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ 2022 වසරේ සිට මේ දක්වා සැකසහිත රෝගීන් 14,000 ක් සොයා ගෙන ඇති බවයි.

මෙම රෝගය කැස්ස සහ කිවිසුම් හරහා පැතිර යන බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ඉන් නාසයට සහ උගුරට බලපෑම් සිදුකරනු ලබයි.