EPF 30% ප්‍රතිලාභය අයදුම් කළ සාමාජිකයෝ අමාරුවේ

Report

සේවක අර්ථසාධක අරමුදලේ 30%ක ප්‍රතිලාභය ලබාගත් සාමාජිකයන්ට වසර 10ක් ගතවීමෙන් පසු එම ප්‍රතිලාභය දෙවැනි වර ලබාගැනීමට ඇති අවස්ථාව, මහ බැංකුවේ දත්ත වාර්තා යාවත්කාලීන නොවීම නිසා ප්‍රමාදවී ඇත.

මේ හේතුවෙන් ප්‍රතිලාභ අයදුම් කළ පිරිස විශාල අපහසුතාවකට පත්ව සිටිති. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට පළමු වරට 30% ප්‍රතිලාභය ලබාගැනීමෙන් වසර 10ක් ගතවීමෙන් පසුව දෙවැනි වරටත් 30%ක ප්‍රතිලාභයක් ලබාගත හැකි බව එම පනතේ සඳහන් වේ.

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

ඒ අනුව 30% ප්‍රතිලාභය අයදුම් කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට ගොස් ප්‍රතිලාභ අයදුම්පත් භාරදිය හැකිවුවත් එම කාර්යාල මේ වනවිට බොහෝ ප්‍රතිලාභීන් හරවා යවමින්, මහ බැංකුව මෙම ප්‍රතිලාභය ලබාගැනීමට සම්බන්ධ තොරතුරු යාවත්කාලීන කළ පසු දැනුම් දෙන බව පවසා ඇත.

මේ හේතුවෙන් සේවක අර්ථසාධක පනතට අනුව නියමිත කාලසීමාවේ 30% ප්‍රතිලාභය ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටි සාමාජිකයෝ මහ බැංකුව අදාළ තොරතුරු යාවත්කාලීන නොකිරීම නිසා දැඩි අපහසුතාවකට ලක්ව සිටිති.

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයෙන් වටිනා දෙයක් මෙන්න

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයෙන් වටිනා දෙයක් මෙන්න

මේ පිළිබඳව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ සේවක අර්ථසාධක අරමුදලේ 30%ක ප්‍රතිලාභය දෙවැනි වර හෝ නැවත ලබාගැනීම අදාළ පනත මගින් පැහැදිලිව දක්වා ඇති බැවින් ප්‍රතිලාභීන්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.

‘සුදු කාන්තාවන්ට යට ඇඳුම් මහන්නත් සිදුවුණා’ - සජිත්

‘සුදු කාන්තාවන්ට යට ඇඳුම් මහන්නත් සිදුවුණා’ - සජිත්