වැස්ස ප්‍රමාණවත් නැහැ, ඉස්සරහට ජල විදුලි බලාගාරත් නවතී ද?

CEB Google Sri Lanka Rain Sinhala news
By Kaushi May 19, 2025 03:26 PM GMT
Kaushi

Kaushi

Report

මධ්‍යම කදුකරයේ බටහිර බෑවූම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වැස්ස ජලාශ දෙක පිරිමට තරම් ප්‍රමාණවත් නොවන බව වාර්තා වේ.

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

එම ජලාශ භාර ඉන්ජිනේරුවන් පවසා ඇත්තේ මෙම ප්‍රදේශවලට කඩින් කඩ වර්ෂාව ලැබීම ඊට හේතුව බවයි.

ඒ අනුව අද (19) දින උදෑසන 6.00 වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 30ක් දක්වා පහළ බැස තිබෙනවා.

එසේම මාවුස්සාකැලේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 43 දක්වා පහළ බැස ඇති බවට එම ඉන්ජිනේරුවන් ප්‍රකාශ කරයි.

ගල්කිස්ස වෙඩි තැබීම ක්‍රොන්ත්‍රාත්තුවක්...තරුණයාගේ මවත් පැටලෙයි

ගල්කිස්ස වෙඩි තැබීම ක්‍රොන්ත්‍රාත්තුවක්...තරුණයාගේ මවත් පැටලෙයි

එහි දී තවදුරටත් අදහස් දක්වමින් ඉන්ජිනේරුවන් සඳහන් කළේ එම ජලාශ දෙකේම දැනට පවතින ජල ධාරිතාවයෙන් විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැන්යොන්, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවයි.

ReeCha