එංගලන්තයේ සෞඛ්‍ය අංශයෙන් ලොකු පිම්මක්

By Hashini May 24, 2025 08:35 AM GMT
Report

ලිංගිකව සම්ප්‍රේෂණය වන ගොනෝරියා ආසාදනයට එරෙහිව එන්නත් කිරීම ආරම්භ කළ ලොව පළමු රට බවට පත්වීමට එංගලන්තය සූදානම් වනවා.

කෙසේවෙතත් වාර්තා වන්නේ එම එන්නත සෑම කෙනෙකුටම ලබාගත නොහැකි වනු ඇති බවයි.

එන්නත් දීමේදී ප්‍රධාන වශයෙන් බහු ලිංගික සහකරුවන් ඇසුරු කළ හෝ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ඉතිහාසයක් ඇති පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති බවට වාර්තා වනවා.

එංගලන්ත සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන්නේ එන්නත ඵලදායී වන්නේ 30-40%ක් වුවත් එය ඉහළ යන ආසාදන සංඛ්‍යාව අඩු කරනු ඇති බවයි.

1918 දී ආසාදනය වාර්තා වීම ආරම්භ වී ඇති අතර 2023 දී රෝගීන් 85,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව එන කැබිනට් පත්‍රිකාව

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව එන කැබිනට් පත්‍රිකාව

එය එම රෝගීන් වාර්තා වූ වැඩිම වසර ලෙස ද හඳුන්වනවා.

ගොනෝරියා සෑම විටම රෝග ලක්ෂණ නොපෙන්වන අතර වේදනාව, අසාමාන්‍ය ශ්‍රාවය, ලිංගික අවයවවල දැවිල්ල සහ වඳභාවය එම ලක්ෂණවලට ඇතුළත් විය හැකි බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් කොපමණ පිරිසකට ප්‍රතිශක්තිකරණය ලබා දීම අවිනිශ්චිත අතර එන්නත දීම ලිංගික සෞඛ්‍ය සේවා හරහා අගෝස්තු මාසයේදී ආරම්භ වන ඇති.

මෙම එන්නත ගොනෝරියා සඳහා නිර්මාණය කර නොමැති අතර එය දැනට ළදරුවන්ට ලබා දෙන මෙනින්ජයිටිස් බී එන්නත ලෙස හඳුනාගෙන ඇත.

නමුත් රෝග දෙකට හේතු වන බැක්ටීරියා ඉතා සමීපව සම්බන්ධ වන බැවින් මෙම එන්නත ගොනෝරියා රෝගීන් තුනෙන් එකකින් පමණ අඩු කරන බව පෙනීගොස් තිබෙනවා.

බ්‍රිතාන්‍ය ලිංගික සෞඛ්‍ය සහ HIV සංගමයේ සභාපති මහාචාර්ය මැට් ෆිලිප්ස් පවසන්නේ මෙය එංගලන්තයේ ලිංගික සෞඛ්‍යය සඳහා විශිෂ්ට පුවතක් සහ සන්ධිස්ථානීය මොහොතක් බවයි.

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්