ඔබත් පරිස්සමෙන් කූඨ ලෙස මුදල් උපයන එතෙර දොස්තර නෝනාගේ වැඩේ.. (VIDEO)

Bank of England
By Sithumi Jun 24, 2022 06:43 PM GMT
Sithumi

Sithumi

Report

එංගලන්තයේ ජීවත්වන ධනවත් වෛද්‍යවරියක් ලෙස පෙනී සිටි මින් මෙරට කාන්තාවක් ෆේස්බුක් හරහා කොරියාව ඇතුළු විදෙස් රටවල රැකියා කරන මෙරට තරුණයන් සමග ප්‍රථමයෙන් හිතවත්කම් ඇති කර ගන්නවා.

තමා සතුව ලංකාවේ ද ව්‍යාපාර රැසක් ඇති බවත් ඒ සඳහා මුදල් ආයෝජනය කරමින් ඒවාට සම්බන්ධ වන ලෙසයි මෙම කාන්තාව තරුණයන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඇයගේ බසට රැවටී මෙරටට පැමිණ මුදල් ආයෝජනය කළ තරුණයෙකු ඔහුගේ අත්දැකීමක් මෙලෙස හෙළි කළා. ''මෙයා ෆේස් බුක් එකෙන් මැසේජ් කරලා. ඔහෙ දුක් මහන්සි වෙලා හම්බකරන්න අමාරුනෙ.. මෙහෙ බිස්නස් කරන්න තියනවා කියලා කියනවා. මෙයා කියනවා සිගරට් ඒජන්සියක් තියනවා.

ඒජන්සියක් තියනවා ඒවා කරන්න කවුරුත් නැහැ.පවුලෙ මං විතරයි ඉන්නෙ කියලා වැල්වටාරමක් කියනවා.මං කොරියාවෙදිම ලක්ෂ 18ක් එවලා තියනවා.'' ''දැනට කීදෙනෙක් අහුවෙලා තියනව ද ?'' කෝටි 10කට වැඩි මිසක් අඩු නැහැ. ලක්මාල්ගෙනුත් කෝටි 2ක් අරගෙන තියෙනවා..'' මෙම කාන්තාවගේ මුසා බස්වලට රැවටී ඇගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීමට පැමිණෙන බොහොමයක් තරුණයන් සමග ඇය අනියම් සම්බන්ධතාවන් ද ඇති කර ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

එම තරුණයන් කොරියාව ඇතුළු රටවලදී තමන් උපයාගත් මුදල් මුළුමනින්ම කොල්ලකා ගැනීමටයි මෙම කාන්තාව කටයුතු කරන්නේ. කලින් කලට පදිංචි ස්ථාන වෙනස් කරමින් තැනින් තැනට පළා යමින් කෝටි ගණනින් මුදල් වංචා කරන මෙම කාන්තාව පසුගියදා කඩවත ප්‍රදේශයේදී කොටුකර ගැනීමට ඇගේ වංචාවට මීට පෙර හසුවී සිටි පිරිසකට හැකි වුණා.

ඒ අදාළ කාන්තාව තවත් තරුණයෙකු සමග නිවසක රැදී සිටියදී. හිරු සී.අයි.ඒ.වෙත ලැබුනු නවතම තොරතුරු අනුව මේ වනවිට මෙම කාන්තාව කඩවත ප්‍රදේශයෙන් ද මේ වනවිට පළා ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. තරුණ ඔබ මැය පිළිබඳව අවධානයෙන් සිටිය යුත්තේ මෙම කාන්තාවගේ හෙට දවසේ ගොදුර ඔබ විය හැකි බැවින්.