තෙල් බෙදාහැරීමේ සීමාකිරීම් හමුවේ ජනතාව මුහුණදෙන ගැටලු ගැන රජයේ අවධානය- ඉදිරි පියවර මෙන්න

Report

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම තවදුරටත් සීමා කරන්නේ නම්, ඛනිජතෙල් පනත සහ බලශක්ති අමාත්‍යාංශයට පවතින බලතල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීති උපදෙස් ලබාගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සදහන් කර තිබේ

අමාත්‍යවරයා මේ බව අද (07) පාර්ලිමේන්තුවේදී සදහන් කර ඇත.

ඒ වගේම එතුමා සදහන් කළේ කිසිම ගිවිසුමක කිසියම් ප්‍රදේශයක තෙල් බෙදා නොහැරියොත් කළයුතු දේ කිසිම ගිවිසුමක සදහන් නොවන බවයි .

මේ පිළිබද කළ හැක්කේ ඉන්ධන සැපයුම් සමාගම් වලට කැමති විදිහට මිල සකසා ගන්න දුන් බවත් මේ වෙද්දී නීති උපදෙස් ලබා ගන්නා බවත් සදහන් කර තිබේ

ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පෞද්ගලික සැපයුම්කරුවන් විසින් ගනු ලබන තීරණ හේතුවෙන් ජනතාවට සිදුවිය හැකි බලපෑම් පිළිබඳවද රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ

එවැනි තත්ත්වයක් තවදුරටත් පැවතුණහොත්, පවතින නීතිමය ප්‍රතිපාදන සහ අමාත්‍යාංශයට පැවරී ඇති බලතල යටතේ ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන කටයුතු කරන බවද අමාත්‍යවරයා තව දුරටත් සදහන් කර ඇත.

දේශපාලන කරළිය හොල්ලන හදිසි සිදුවීමක්- මහින්ද ඉදිරියේ ශිරන්තිට සිදුවූ දේ

දේශපාලන කරළිය හොල්ලන හදිසි සිදුවීමක්- මහින්ද ඉදිරියේ ශිරන්තිට සිදුවූ දේ

හිඟ විශ්‍රාම වැටුපට විශේෂ වැඩපිළිවෙලක් - මාස 7ක විශ්‍රාම වැටුපට වෙන දේ මෙන්න

හිඟ විශ්‍රාම වැටුපට විශේෂ වැඩපිළිවෙලක් - මාස 7ක විශ්‍රාම වැටුපට වෙන දේ මෙන්න