ගාසාවේ නිම නොවන යුධ ගිනි, ඊශ්‍රායල ප්‍රහාරයක් නිසා කාන්තාවන් සහ කුඩා ළමුන් ඇතුළු 80ක් මරුට
By Kaushi
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ මියගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ගාසා නගරවාසීන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඊයේ (24) රාත්‍රී ගාසා තීරයේ අවතැන් පවුල් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලකට සහ කුඩාරමකට ප්‍රහාරයක් එල්ල වී ඇත.
එහිදී පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් අතර ළමුන් සහ කාන්තාවන් ද සිටින බව පවසයි.
මේ අතර අදාළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කර ඇත්තේ හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.
