අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පාළු ළිඳකින් සොයා ගැනේ

By Gagana News Mar 07, 2025 07:59 AM GMT
Report

ඇල්පිටිය, දෙමටගහකන්ද නවදගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙක් අතුරුදන් බවට පසුගිය මස 14 වන දින එම පුද්ගලයාගේ බිරිඳ විසින් ඇල්පිටිය පොලිස් ස්ථානයට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව එම පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කෙරුණු අතර එම අතුරුදන් වූ පුද්ගලයාගේ මෘත ශරිරය දෙමටගහකන්ද ප්‍රදේශයේ ඉඩමක පිහිටි පාළු ළිඳකට දමා පස් දමා වසා තිබියදී ඊයේ (06) පොලිසිය විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

අදාළ ඉඩමේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් වන සතුන් දඩයම් කිරීමට අදින ලද විදුලි රැහැනක ගැටී මෙම පුද්ගලයා මියයාම හේතුවෙන් ඔහු විසින් තවත් පුද්ගලයෙකු සමඟ එක්වී මෘත ශරීරය එම පාළු ළිඳට දමා වසා ඇති බවට දැනට සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී තිබේ.

ඒ අනුව ඉඩමේ හිමිකරු හා ඔහුට සහාය දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 38 හා 46 වයස්වල පසු වන දෙමටගහකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි. 

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

පොලිසියට අල්ලස් දුන් දෙදෙනෙකු දැලේ

පොලිසියට අල්ලස් දුන් දෙදෙනෙකු දැලේ