දිවයිනට ලැබෙන වැඩිම වර්ෂාපතනය ගැන දැනුම්දීමක්
ගෙවුණු පැය කිහිපය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම අගය මිලිමීටර් 104ක් වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව කෑගල්ල කළුපහන ප්‍රදේශයට මිලිමීටර් 95.5ක, නුවරඑළිය මස්කෙළියට මිලිමීටර් 85.5ක, කුරුණෑගල පොල්පිතගමට මිලිමීටර් 85.0ක සහ රත්නපුර දම්මුල්ල ප්‍රදේශයට මිලිමීටර් 82.5ක වර්ෂාපතනයක් ලැබී ඇත.
මේ අතර දිවයින පුරා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අඟවයි.