හෙට තීරණාත්මක දවසක් - පාස්කු ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 24කට එරෙහි නඩුවේ තීන්දුව හෙට
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිදුවීමට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව හෙට (22) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම දීර්ඝ නඩු විභාගය පැවැත්විණි.
හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ මෙම නඩුව සඳහා පැමිණිලි පාර්ශවය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබේ.
දිනපතා පැවැති දීර්ඝ සාක්ෂි විමසීම්වලින් අනතුරුව අගෝස්තු මස 24 වනදා දෙපාර්ශවයේම සාක්ෂි විමසීම් අවසන් කෙරුණු අතර, සැප්තැම්බර් 22 වන දින නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබුණි.