අතුරුගිරිය ද්විත්ව ඝාතන සිද්ධියේ වෙඩික්කරු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

Report

අතුරුගිරිය පොලිස් වසමේදී සිදුවූ මනුෂ්‍ය ඝාතන දෙකකට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

පසුගිය අගෝස්තු මස 17 වන දින සහ සැප්තැම්බර් මස 08 වන දින අතුරුගිරිය පොලිස් වසම තුළ සිදුවූ මෙම ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් පැවැත්වූ අතර, එහිදී අපරාධයට සෘජුවම සම්බන්ධ වූ වෙඩික්කරු සහ ඊට ආධාර අනුබල දුන් තවත් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 24, 41 සහ 45 යන වයස්වල පසුවන පාදුක්ක, බණ්ඩාරගම, මොරොන්තුඩුව සහ අළුබෝමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු සතුව තිබී ජීව අත්බෝම්බයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර සිටි අයෙකු බවට ද අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

විමල් වීරවංශට වරෙන්තු

විමල් වීරවංශට වරෙන්තු