ෆේස්බුක් ඇප් එකට පිවිසීමටත් බාධා- මෙටා සමාජ මාධ්‍ය ජාලයන්හි හදිසි බිඳවැටීමක්
By Kanchana
ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් භාවිත කරන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත පිවිසීමේදී පරිශීලකයින් දහස් ගණනක් බරපතල ගැටලුවලට මුහුණ දී ඇති බව අන්තර්ජාල සේවා බිඳවැටීම් නිරීක්ෂණය කරන ඩව්ඩෙක්ටර් (Downdetector) වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
පැමිණිලි කළ බොහෝ පිරිසක් සඳහන් කර ඇත්තේ, ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීමේදී එය එහි ලාංඡනය (Logo) මත පමණක් රැඳී පවතින බවත්, ඉන් ඉදිරියට කිසිවක් දර්ශනය නොවන බවයි.
මෙම දෝෂය ඉන්ස්ට්‍රග්‍රෑම්, ත්‍රෙඩ්ස් සමාජ ජාලා සඳහාද තරමක බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වී තිබේ.
තවද වාර්තා වූ පැමිණිලිවලින් 12%ක් පමණ ෆේස්බුක් යෙදවුම (App) හරහා ගිණුම්වලට ඇතුළු වීමේ (Login) තාක්ෂණික ගැටලු පවතින බව පවසා ඇත
කෙසේ වෙතත් මෙම තාක්ෂණික බිඳවැටීමට හේතුව සම්බන්ධයෙන් මෙතෙක් වැඩිදුර තොරතුරු අනාවරණය වී නැත.