ජනාධිපතිවරණයෙන් පස්සෙ හා හා පුරා කියලා තිබ්බ.. ඇල්පිටිය ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් වෙයි.. බලය මාලිමාවට..

Report

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමින් ය.

එමෙන්ම, හිමි වූ ආසන සංඛ්‍යාව 15ක් වේ.

සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7,924 ක් වූ අතර හිමිවූ ආසන සංඛ්‍යාව 02ක් වේ.

ඇල්පිටිය ඡන්දයත් අවසන්..ඡන්දය ප්‍රකාශ කිරීම ගැන ලැබුණු අලුත්ම තොරතුරු මෙන්න..

ඇල්පිටිය ඡන්දයත් අවසන්..ඡන්දය ප්‍රකාශ කිරීම ගැන ලැබුණු අලුත්ම තොරතුරු මෙන්න..


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3,597 ක් වූ අතර ආසන සංඛ්‍යාවක් හිමි වූයේ නොමැත.

පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,612ක් වූ අතර ඔවුන්ට ද ආසන සංඛ්‍යාවක් හිමි නොවීය.

ස්වාධීන කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,568ක් වූ අතර ආසන සංඛ්‍යාවක් නොමැත.

ඒ අනුව, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ආසන 17න් ආසන 15ක් හිමිකරගනිමින් ජය තහවුරු කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.

ඒ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 00.00%ක් ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගනිමින් ය.

ජනාධිපතිවරණයෙන් පස්සෙ තියෙන.. පළමු ඡන්ද විමසීම.. ඇල්පිටියේ ඡන්දය ගැන ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..

ජනාධිපතිවරණයෙන් පස්සෙ තියෙන.. පළමු ඡන්ද විමසීම.. ඇල්පිටියේ ඡන්දය ගැන ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..


ඒ අනුව මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පළාත් පාලන කොට්ඨාස 17ක් වෙනුවෙන් සභිකයින් 28 දෙනෙකු තෝරා පත්කර ගැනෙයි.

ඒ අනුව, කුඩාගල කදිරන්දොල, තිබ්බොටුවාව, ඇල්ල, අම්බනකහදූව, පිණිකහන, ඉඳිපලේගොඩ, වල්ලඔගල, කැටන්දොළ, තලාව, බටුවන්හේන, නවදගල, අමුගොඩ, මැටිවිලිය, ඕමත්ත, ඇල්පිටිය, යන කොට්ඨාසයන් 15ක ජය වාර්තා කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.

එහිදී ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 17,295ක් වේ.

එමෙන්ම පිටුවල, අවිත්තාව ප්‍රාදේශීය කොට්ඨාසයන් දෙකෙහි ජය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ සමගි ජන බලවේගය විසින් ය.

එහිදී ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 7,924ක් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,594ක සමස්ථ ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් තෙවන ස්ථානය ලබාගත් අතර, ඔවුන්ට කිසිඳු ආසනයක ජය හිමිවුණේ නැහැ.

මෙහිදී සිව්වන ස්ථානය ලබාගත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2,612ක් වේ.

කෙසේ වෙතත්, පස්වන ස්ථානය හිමිකර ගත්තේ ස්වාධීන කණ්ඩායමවන අතර, ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2,568ක් ය.