ජනාධිපතිවරණයෙන් පස්සෙ තියෙන.. පළමු ඡන්ද විමසීම.. ඇල්පිටියේ ඡන්දය ගැන ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..

Report

ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම අද (26) පෙ.ව. 7.00ට මධ්‍යස්ථාන 48කදී ආරම්භ විය.

ඒ අනුව පෙ.ව. 10 වනවිට 25%ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිත කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා පැවසීය.

පිටරට හංගපු මුදල් ලංකාවට ගෙනත් ජනතාවට සහන සලසන්න - සාගර කාරියවසම් (VIDEO)

පිටරට හංගපු මුදල් ලංකාවට ගෙනත් ජනතාවට සහන සලසන්න - සාගර කාරියවසම් (VIDEO)

පොලිස් නිළධාරීන් 03කගේ වැඩ තහනම් වෙයි.. වෙලා තියෙන දෙය මෙන්න..

පොලිස් නිළධාරීන් 03කගේ වැඩ තහනම් වෙයි.. වෙලා තියෙන දෙය මෙන්න..


එමෙන්ම, ඡන්ද විමසීම ප.ව. 4ට අවසන් වූ පසු අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ගණන්කිරීමේ කටයුතු ආරම්භ කරන බව ද ඒ මහතා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 55,643ක් වේ. 

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ඇල්පිටිය මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානයේදීම ගණන් කිරීමේ කටයුතු ද සිදුකෙරෙන බවයි.

එමෙන්ම, එම ගණන් කිරීමෙන් පසු ගාල්ල තේරීම් භාර නිලධාරියාට එම ප්‍රතිඵල ලබා දෙන බවත් ඉන් පසු තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව සහ එක් එක් දේශපාලක පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව නිවේදනය කරන බවය.

"ඡන්ද මධ්‍යස්ථානයේම තමයි ගණන් කිරීමේ කටයුතු කරන්නේ. ඡන්ද මධ්‍යස්ථාන 48ක් තියෙනවා කොට්ඨාස 17ක් සඳහා. කොට්ඨාසය 17ට අදාළ ඡන්ද ප්‍රතිඵල සියල්ල ගාල්ල තේරිම් භාර නිලධාරියාට භාර දුන්නාට පස්සේ ඒ 17 එකතුව අරගෙන එක් එක් කොට්ඨාස ජයග්‍රාහකයෝ කවුද? ඒ වගේම මේ සඳහා තේරීපත්වෙන අතිරේක ලැයිස්තු මන්ත්‍රී සංඛ්‍යාව කීයද? කියන එක සිදුකරනු ලබනවා. ඒ කියන්නේ එක් එක් දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ඔවුන්ට හිමිවෙන ආසන සංඛ්‍යාව කීයද? ඔවුන් කොට්ඨාසය ජයග්‍රහණය කරපු ප්‍රමාණය කීයද? ඉතිරි ආසන සංඛ්‍යාව කීයද? කියන නිවේදනය නිකුත් කරනු ලබනවා."