ඇල්ල වැල්ලවාය පාර අවහිර වෙයි!
By Shehan
අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 12 කණුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය අවහිරවී ඇති බව පොලිසිය රියදුරන් දැනුවත් කර සිටියි.
ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට ඊයේ (13) පස් කන්දක් කඩා වැටීමෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව පොලිසිය අද (14) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙයි.
ඒ හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති අතර එම මාර්ගය පිළිසකර කර නැවත යථා තත්ත්වයට පත්කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය උපදෙස් දී ඇති අතර අදාළ මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වැල්ලවාය හා ඇල්ල දෙසට ගමන් කිරීමේදී පහත විකල්ප මාර්ග භාවිත කළ හැකි බවත් සඳහන් කරයි.
විකල්ප මාර්ග
- ඇල්ල සිට වැල්ලවාය දෙසට ගමන් කිරීමේදී - බණ්ඩාරවෙලින් අඹදණ්ඩේගම හරහා ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් වැල්ලවාය දෙසට ගමන් කළ හැක.
- වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ගමන් කිරීමේදී - වැල්ලවාය ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් අඹදණ්ඩේගම හරහා ඇල්ල දෙසට ගමන් කිරීමේ හැකියාව ඇත.