ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට අලුත් ආරංචියක්

Report

මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල සහ ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික වැඩකටයුතු මාසයක් ඇතුළත අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (13) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ පැවැත්වුණා.

“එයා එනකන් අපි දැන් බලන් ඉන්නවා” - තමිල් අරසු පක්ෂය

“එයා එනකන් අපි දැන් බලන් ඉන්නවා” - තමිල් අරසු පක්ෂය

මෙම රැස්වීමට යෝජිත ඉඩමේ භාරකාරත්වය හිමි අමරපුර ධර්‍මරක්ෂිත නිකායේ මහානායක ධූරය හොබවන අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් ශම්මි ද සිල්වා, සනත් ජයසූරිය සහ සුජීව ගොඩලියද්ද යන මහත්වරුන්, මාතර ක්‍රීඩා සමාජයේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වුණා.

එසේම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මුදල් වෙන් කර තිබියදීත් මෙතෙක් ප්‍රතිසංස්කරණය කර නොමැති සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉක්මනින් අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.