කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවක් අවසන් වෙයි
අද (09) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන හේතුවෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුතු අවසන් කිරීමට නියම කර ඇත.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වැයිහේන, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල, සහ ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ නඩු පවරා ඇත.
පෞද්ගලික බැංකුවක ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පුවලට අදාළව රුපියල් ලක්ෂ 946කට ආසන්න මුදලක් මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා මෙම නඩුවේ පදනම වී ඇත.
මෙම නඩුව 2025 ජුනි 26 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අතර, ඒ හා සමගාමීව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතු අවසන් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත