ප්‍රධන නගර දෙකක් අලින්ගෙන් උණුසුම් වෙයි..

Police spokesman Elephant Sigiriya Sri Lanka Elephants
By Aruna Aug 14, 2024 06:26 AM GMT
Aruna

Aruna

Report

වන අලි ගැටලුව හේතුවෙන් දඹුල්ල හා සීගිරිය සංචාරක ප්‍රදේශ වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් වී ඇතැයි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා පවසනවා.

ජයසූරිය මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ මාතලේ දිසාපති තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හමුවට එක් වෙමිනුයි.

වැටුප් වැඩි කරමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි..වැඩිවන ගණන මෙන්න.

වැටුප් වැඩි කරමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි..වැඩිවන ගණන මෙන්න.


වාසගමුව ජාතික වන උද්‍යානය තුලා හා ඒ අවට සැරිසරන වන අලින්ගේ පැමිණීම වැළැක්වීම සඳහා යොදා ඇති අලි වැට නිසි පරිදි නඩත්තු නොකිරීමෙන් සීගිරිය හා දඹුල්ල ප්‍රදේශයන් වෙත වන අලි පැමිණීමෙන් ප්‍රදේශයේ බව බෝග වගාවන් විශාල ලෙස හානි කරනු ලබන අතර එම ප්‍රදේශයන්හි සංචාරක හෝටල් වෙතද වන අලි පැමිණීමෙන් ගැටලු රැසක් උද්ගතවී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම හේතුවෙන් දඹුල්ල සීගිරිය ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව ඇති බවත් සංචාරක කර්මාන්තයට ද විශාල ලෙස වන අලි ගැටළුව බලපා ඇති බව ද පැවසේ.

වනජීවි දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන අලි වෙඩි ප්‍රමාණවත් නොවන බවත් අලින් වනයට පලවා හැරීම සඳහා අලි මෙහෙයුම් සිදු නොකිරීම හා විදුලි වැට නිසි පරිදි නඩත්තු නොකිරීමෙන් මෙම ගැටලු උද්ගත වී ඇති බවත් ප්‍රදේශයේ සංචාරක හෝටල් වෙතද අලි පැමිණීමෙන් විදේශීය සංචාරකයින්ට ද මීට පෙර අනතුරු සිදුකර ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

පෙට්‍රල් ලීටරය 150ට දීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

පෙට්‍රල් ලීටරය 150ට දීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..


අලි වැට නඩත්තු කිරීම සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් ඉන් ඉවත්වීම හා ඒ සඳහා යොදවා සිටි බහු කාර්ය සංවර්ධනය නිලධාරීන් සේවය අත්හැර යාම හේතුවෙන් අලි වැට නඩත්තු කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් ඇති බවත් මේ පිළිබඳව වනජීවී අධ්‍යක්ෂක ජනරාල්තුමා සමග සාකච්ඡා කර විසඳුමක් ලබාගත යුතු බවයි, මෙහිදී අදහස් දැක්වූ වන ජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ReeCha