මහනුවර හා සබරගමු පෙරහැර දෙකම එකම නැකතක - අලි යොදා ගැනීමේ ගැටළුවක්...

Report

මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සහ සබරගමුව සමන් දේවාලයේ පෙරහර අරඹන නැකත් එකට යෙදී තිබීම හේතුවෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන් සපයා ගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසා සිටියේ, එම තත්ත්වය හමුවේ ශ්‍රී දළදා මාලිගාව සේම සිව් මහා දේවාලයන්හි පෙරහර සඳහා ද අලි ඇතුන් සපයා ගැනීම පිළිබඳව දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදු ව ඇති බවයි.

මහනුවර හා සබරගමු පෙරහැර දෙකම එකම නැකතක - අලි යොදා ගැනීමේ ගැටළුවක්... | Elephant Problem For Esala Perahera

පෙරහැර දෙක සඳහා නැකත් එකම කාලයේ යෙදීම හේතුවෙන් මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ගෙන් කොටසක් සබරගමුව සමන් දේවාලයේ පෙරහර සඳහා සහභාගි වීම හේතුවෙන් අලි ඇතුන්ගේ හිඟයක් ඇතිව තිබෙනවා.

බැවින් ඊට තාවකාලික පිළියමක් ලෙස පින්නවල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත පිරිමි හස්තීන් රජයේ අයිතිය යටතේ පෙරහර සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවද හෙතෙම පැවසීය.

අධික වර්ෂාපතනය සමඟ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි...

අධික වර්ෂාපතනය සමඟ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි...


පෙරහර සිදුකිරීමේ දී මුහුණ දී තිබෙන මෙම ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාත් රජයේ වගකිවයුතු අංශත් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය.