දෙවිනුවර පෙරහැර සලිත කරමින් භයානක අලි කුලප්පුවක්, හැමෝම පණ බේර ගන්න දුවයි

Report

දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි පේළි පෙරහැරේ ගමන් කරමින් සිටි "භානුක" නම් අලියෙකු ඊයේ (04) දින රාත්‍රියේදී හදිසියේ කලබලකාරී ආකාරයට හැසිරීම නිසා උත්සව භූමියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

මෙම සිදුවීමත් සමග පෙරහැර නැරඹීමට රැස්ව සිටි විශාල ජනකාය හිස් ලූ ලූ අත දිව ගොස් ඇත. ඒ නිසා තත්ත්වය තවත් උග්‍ර වී ඇති බව වාර්තා වුණා.

එසේම කලබල වූ අලියාගේ පහරදීමකට ලක්වීමෙන් ඇත් ගොව්වෙකු තුවාල ලබා තිබෙන අතර ඔහුව ප්‍රතිකාර වෙනුවෙන් මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. මැදමුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තුවාල ලැබූ ඇත් ගොව්වාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

වාර්තා වන ආකාරයට කතරගම ප්‍රදේශයේ සිට මෙම පෙරහැරට රැගෙන ආ "භානුක" නම් අලියා මෙසේ කුලප්පු වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමග පෙරහැර ගමන් කිරීම තාවකාලිකව නතර වූ අතර, සංවිධායක මණ්ඩලයෙන් සෙසු අලි ඇතුන් පෙරහැරෙන් ඉවත් කර, පෙරහැර නැවත ගමන් කරවීමට පියවර ගෙන තිබෙනවා.

පසුව සෙසු ඇත් ගොව්වන් සහ වනජීවී නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා කලබලකාරී ආකාරයට හැසිරුණු අලියා මෙල්ල කර ඇත.

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

එසේම ඉකුත් මාර්තු මස 21 වන දින තරුණයන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කරන ලද දෙවිනුවර දේවාලය ඉදිරිපිට ස්ථානයේදී ම මෙම අලියා කුලප්පු වීම විශේෂත්වයක් වේ.

මේ අතර දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුශංක මහතාගේ ප්‍රධානත්වයෙන් සිව්වැනි පේළි පෙරහැර අද (05) දින රාත්‍රියේදී නියමිත පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංවිධායක මණ්ඩලය තහවුරු කර ඇත. 

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල