ගොවියා පසුපස පැන්නු අලියා ළිඳට වැටී මරුට
කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේ කුඹුරට කඩා වැදි සිටි වල් අලියකු පලවා හැරීම ගිය ගොවියකු පසුපස පන්නා ආ අලියකු කුඹුරු යායට උඩින් පිහිටි පාළු ළිදකට ඇද වැටි එහි ගිලි මරණයට පත්ව මිය ගොස් සිටි බව වනජීවි නිළධාරීන් සදහන් කර තිබේ.
ගල්කුලම කිරල් ඔය ආසන්නයේ පිහිටි ඉඩමක වසර දෙකකට ආසන්න කාලයක් වගාවක් සිදු නොකිරිම හේතුවෙන් මෙම ළිද අතහැර දමා තිබු බව සදහන් වේ.
ගඩොල් වලින් සැකසු මෙම ලිද පොළොව මට්ටමට අඩි කිපයක් උඩට බැද තිබුනද පසුව එය කැඩි යාමත් සමග පොලව මට්ටමට තිබිම හේතුවෙන් කිසිවකුගේ අවධානයක් තිබි නැති බව වාර්තා වේ.
මෙම ළිද පිහිටි ස්ථානයේ සිට මිටර් 150 ආසන්න දුරීන් වු කුඹුරට කඩා වැදි සිටි අලියා ගොයමට හානි කරමින් එය කා දමමින් සිටියදී එළවා දැමිමට ගිය ගොවියා පසු පස පන්නා ඇති බව සදහන් වේ.
අලියාගෙන් දිවි බේරා ගැනිමට ගොවියා මෙම ළිද ආසන්නයෙන් දිව සිටියදී පන්නා ආ අලියා එකවරම මෙම අතහැර දැමු ළිදට ඇද වැටි ඇතිබව වාර්තා වේ.
වනජීවි නිළධාරීන් සදහන් කරන්නේ මෙලෙස අතහැර දැමු ළිදට වැටුන අලියාගේ හිස ළිදට සිරවි ඇති බවත් ඒ සමගම ජලයෙ ගිලි එහි සිරවි මරණයට පත්ව ඇති බවයි.
ළිද තුළ මරණයට පත්ව සිටි අලියාගේ සිරුර ගොඩ ගැනිමට ඉඩම් හිමිකරුවන්ගේ ආධාරයෙන් වනජීවි නිළධාරින් කටයුතු කර ඇත මෙම අලියගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය වනජීවි පශූ වෛද්‍යවරයා විසින් සිදුකිරීමට නියමිතය.