හදපාන්ගලදි ගව හිමියෙකුට සිදු වුනු විනාශය
srilanka
elephant attack
Nature
By Sithumi
ගවයින්ට තණ කැවිමට වැල්ලවාය හදපානගල වැව් රක්ෂිතයට ගිය ගවහිමියෙකුට ඊයේ(24) දහවල් වන අලියෙකු කල පහරදිමකින් එම පුද්ගලයා එම ස්තානයේදිම මියගොස් තිබේ . මෙසේ මියගොස් ඇත්තේ හඳපානාගල පුබුදුවැව ගම පදිංචි ටි ඒ පේමදාස නැමති 66 හැවිරිදි සිව්දරු පියෙකි .
ගවයින්ට තණ කැවිමට ගිය තවත් පුද්ගලයින් පිරිසක් මෙම මියගිය පුද්ගලයා හඳපානාගලවැවෙ වම් ඉවුරේ සිට මිටර් 200ක් පමණ ඈතින් කැලෑවේ මියගොස් සිටියදි දැක පොලිසියට දැනුම්දී තිබේ .
මෙම මරණයට අදාල හදිසි මරණ පරික්ෂණය වැල්ලවාය හදිසි මරණ පරික්ෂක එච් එම් ජේ හේරත් මහතා විසින් සිදුකල අතර පශ්චාත් මරණ පරිකෂණය වැල්ලවාය රෝහලේදි සිදුකිරිමට නියමිතව තිබුනි . සිද්ධීය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |