විදුලි වෘත්තීය සමිතිවලින් රතු එළියක් - ලබා දුන් කාලය මෙන්න.

CEB Ceylon Electricity Board Sri Lanka Electricity Prices Latest Headlines Sinhala news
By Shehan Jul 30, 2025 12:40 AM GMT
Shehan

Shehan

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති, යෝජිත විදුලිබල පනත් සංශෝධන කෙටුම්පත මගින් සේවකයන් 20,000කට එල්ල වන අසාධාරණය විසඳීම සඳහා ආණ්ඩුවට සතියක කාලයක් ලබාදෙන බව පවසයි.

ඔවුන් රජයට අනතුරු අඟවමින් පෙන්වා දෙන්නේ, ලබන අගෝස්තු 05 වැනිදා වන විට විසඳුමක් නොලැබුණහොත්, අගෝස්තු 06 වැනිදා උදෑසන සිට වෘත්තීය සමිති 29ක් එක්ව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

ලාල්කාන්ත ඩඩ්ලිට බය වෙලා? හෝටලය ගැන කියපු දේවල් නෑ කියයි

ලාල්කාන්ත ඩඩ්ලිට බය වෙලා? හෝටලය ගැන කියපු දේවල් නෑ කියයි

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පැවසුවේ, ජනාධිපතිවරයා මාලදිවයින් සංචාරයට යාමට පෙර හෝ ආපසු පැමිණි පසුව හෝ සේවක ගැටලු සාකච්ඡා කිරීමට කාලයක් ලබාදෙන බවට පොරොන්දුවක් නොලැබුණු බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ, රජය සහ පාරිභෝගිකයන් අපහසුතාවට පත්වන බැවින් වැඩ වර්ජනයකට තවමත් තීරණයක් ගෙන නැති නමුත්, ආණ්ඩුවට දිගින් දිගටම අනුකම්පා කිරීමෙන් එය භූමිකම්පාවක් දක්වා වර්ධනය වන බවයි.

“පසුගිය 22 සිට 26 වැනිදා දක්වා ආණ්ඩුවට අවස්ථාවක් දුන්නත්, ඔවුන් එය භාවිතා කළේ නැහැ. අපි වෘත්තීය සමිති නායකයන් එක්ව 28 වැනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී තීරණය කළේ තවත් දින පහක අවස්ථාවක් ලබාදීමටයි. මෙය අවසන් අවස්ථාවයි. මේ අවස්ථාවෙන් පසුවත් විසඳුමක් නැත්නම්, ආණ්ඩුවට කියන්න තිබෙන්නේ අපට වෙන කරන්න දෙයක් නැහැ කියලයි. විදුලිබල මණ්ඩලය සිල්ලර බඩු කඩයක් නොවෙයි. රටේ ජනතාව අපහසුතාවට පත්කිරීමට අපට බැහැ. අඛණ්ඩ වැඩ වර්ජනයකට ගියොත් රටම අඩපණ වෙනවා. ඒ නිසා තමයි තවත් කල් දුන්නේ. නමුත් අපේ ඉවසීමේ සීමාව ඉක්මවන්න එපා කියා ආණ්ඩුවෙන් ඉල්ලනවා,” යනුවෙන් කෝසල අබේසිංහ පැවසීය. 

මගේ ජීවිතේ වෙන්න ඕන ඔක්කොම මට වුණා බනින හැමෝටම මම මෙතනින් යද්දී උත්තරයක් දීලා යන්නම් චන්දිමාල් සංවේදී වෙයි

මගේ ජීවිතේ වෙන්න ඕන ඔක්කොම මට වුණා බනින හැමෝටම මම මෙතනින් යද්දී උත්තරයක් දීලා යන්නම් චන්දිමාල් සංවේදී වෙයි

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්, පසුගිය 22 වැනිදා සේවකයන් 2,000කට ආසන්න පිරිසක් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූහ. මෙම විරෝධතාව මගින් සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, රටේ ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමටත් ඔවුන් බලාපොරොත්තු වෙති.

උපන් බබාට රජයෙන් තෑග්ගක් - ජනගහණ අර්බුදයට මුදල් පිළියමක්

උපන් බබාට රජයෙන් තෑග්ගක් - ජනගහණ අර්බුදයට මුදල් පිළියමක්

ReeCha