වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළට
ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) මේ වන විට පාඩු ලබන ආයතනයක් බව පවසමින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, 2025 වසරේ අවසාන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මණ්ඩලය බලාපොරොත්තු වේ. මේ හේතුවෙන් එළඹෙන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ විදුලි ගාස්තු සියයට 6.8කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම යෝජනාව වෘත්තීය සමිතිවල දැඩි විරෝධතා සහ මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලීන් මධ්‍යයේ ඉදිරිපත් වී තිබේ.
මෙම කාර්තුවේදී ලංවිම රුපියල් කෝටි 783ක වියදමක් දරා ඇති අතර, පසුගිය ජුනි මාසයට සාපේක්ෂව මූල්‍ය වියදම් රුපියල් කෝටි 248කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජන අදහස් විමසීමට පියවර ගෙන ඇති අතර, එය සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණක් ලෙස පෙන්වා දී ඇත.