පාඨලීගෙන් බලශක්ති ඇමතිට සැර පිළිතුරක්
පවතින උණුසුම් කාලගුණය සමඟ මතුවිය හැකි සෞඛ්‍ය ගැටලු සහ ඒවාට ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට විසින් උපදෙස් මාලාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය හරහා නිකුත් කර ඇති බව වාර්තා වේ.
මේ දිනවල පවතින වියළි කාලගුණය ඉදිරියටත් පැවතියහොත් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවට බලශක්ති අමාත්‍යවරයා ඊයේ කළ ප්‍රකාශයට හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවක අද ප්‍රතිචාර දක්වා ඇති අතර ඔහු සඳහන් කර සිටියේ කළමණාකරණය පිළිබඳ ගැටලු මේ සඳහා බලපා ඇති බවයි.
පවතින තත්ත්වය හමුවේ විදුලිබිල ඉහළ දැමීම හා විදුලිය කප්පාදුවක් සිදු කළහොත් ඊට විෂයභාර අමාත්‍යවරයා වගකිව යුතු බව ඔහු තවදුරටත් කියා සිටියේය.
මේ අතර පවතින තත්ත්වය හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල මූලාශ්‍ර සිඳීයාමේ තර්ජනයකට මුහුණ දී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටියේය.
එහි අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් උදය හේරත් ප්‍රකාශ කරන ලද්දේ රත්නපුරය සහ කළුතර යන දිස්ත්‍රික්ක වල පීඩාවට පත් වූ පුද්ගලයින් 7194 දෙනෙකුට පානීය ජලය මේ වනවිටත් ලබාදීම ආරම්භ කර ඇති බවයි.
ඉදිරි පැය 36දී උතුරු,උතුරු-මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල මාතලේ,නුවරඑළිය,හම්බන්තොට දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, නැගෙනහිර සහ ඌව පළාත්වල මාතලේ,නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
