සරසවි ලෙක්චර්ස්ලගේ නිරුවත් දසුන් බැලූ ඇදුරා දැලේ...!!!

Report

විශ්වවිද්‍යාල වැසිකිළියේ කැමරා අටවා කථිකාචාර්යවරුන්ගේ සහ කථිකාචාර්යවරියන්ගේ නිරුවත් දර්ශන ලබා ගත් බව කියන කථිකාචාර්යවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම වයඹ විශ්වවිද්‍යාලයේ සිදුව ඇතැයි සඳහන්. එම විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ සහ පෝෂණ පීඨයේ කථිකාචාර්යවරයෙකු වන සැකකරු 34 හැවිරිදි වියේ පසුවන්නෙකි.

ලිංග පරිවර්තනය වන්නේ ද කර්ම නිසයි...!!! අමුතුම ලිපියක්

ලිංග පරිවර්තනය වන්නේ ද කර්ම නිසයි...!!! අමුතුම ලිපියක්

කථිකාචාර්යවරුන් 9ක් (සැකකරුද ඇතුළුව) කථිකාචාර්යවරින් 7ක් භාවිතා කරන වැසිකිළියේ සින්ක් එකේ යට කොටසේ රහසිගත කුඩා කැමරාවක් සවි කර තිබී ඇත.

මෙය එක් කථිකාචාර්යවරියක් දැක ඇති අතර පාලනාධිකාරිය හරහා පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු සුලමුල අනාවරණය වී තිබේ.

රටේ ආරක්ෂාව හදිසියේම තර කරයි

රටේ ආරක්ෂාව හදිසියේම තර කරයි

කෙසේ වෙතත්, පසුව සොයා බැලීමේදී අදාළ සැකකාර කථිකාචාර්යවරයා පරිගණක කටයුතු සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අයෙකු බව හෙළිව ඇත.

සැකකරු අධිකරණයෙන් ඇප බලාපොරොත්තු වුවද ඇප ලබා නොදිණි. පන්නල පොලිසිය විමර්ශන මෙහෙයවයි.