රෝහලේ ප්‍රතිකාර ගන්න ගමන් කාර්ය මණ්ඩලයටත් ගහලා

Report

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී රෝහලේ කාර්ය මණ්ඩලයට පහර දුන් බව කියූ රෝගියෙකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව පහර කෑමට ලක්ව ඇත්තේ ශල්‍ය වාට්ටුවේ කාර්ය මණ්ඩල සේවකයන් පිරිසක්.

පහර දුන් බවට පවසන රෝගියා කුලියාපිටිය ගල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ. ඔහු අත්අඩංගුවට පත් වන අවස්ථාවේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වාට්ටු අංක 01 හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

බන්ධනාගා‍රේ කලබලේ මැද ෆෝන් මාංචුත් හංගලා

බන්ධනාගා‍රේ කලබලේ මැද ෆෝන් මාංචුත් හංගලා

මේ පිළිබඳ රෝහල් ආරංචි මාර්ග පැවසුවේ පහර කෑ බව කියන රෝහල් සේවකයන් දෙදෙනා මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව‍යි.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු සඳහන් කරමින් රෝහල් ආරංචි මාර්ග පැවසුවේ පෙරේදා (3) දින රාත්‍රියෙහි සාත්තු සේවයේ යෙදෙමින් සිටි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකුට සැකකරු පහර දී ඇති බවයි.

ඉන්පසු ඊයේ (4) උදෑසන ද ඔහු විසින් තවත් සේවකයකුට බෙල්ලෙන් අල්ලා පහර දී ඇත.

ප්‍රභාකරන්ගේ රුවත් මෙවර මැතිවරණ පත්‍රිකාවක

ප්‍රභාකරන්ගේ රුවත් මෙවර මැතිවරණ පත්‍රිකාවක

මේ පිළිබඳ සැකකාර රෝගියාම සනාථ කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.