සබරෙන් තවත් පැමිණිලි 21ක්... හොඳ හොඳ සෙල්ලම් එලියට...

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ චරිත් දිල්ෂාන් නම් දෙවැනි වසර සිසුවා සිය දිවි නසා ගැනීමේ සිදුවීමට අදාළව එම විශ්විවිද්‍යාලයේ සිසුන් 4ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර නවක වද සිද්ධි සම්බන්ධයෙන් තවත් පැමිණිලි 21ක් ලැබී ඇතැයි ද වාර්තා වේ.

මේ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කිරීම රහස් පොලිසියට භාර වී තිබේ.

සබරගමුවේ නවකවදය සිද්ධියට අදාළව තවත් සිසුන් 4ක් පොලිසියට භාරවේ

සබරගමුවේ නවකවදය සිද්ධියට අදාළව තවත් සිසුන් 4ක් පොලිසියට භාරවේ

සිසුන්ට නවක වදය ලබා දුන් තවත් සිසුන් 10කගේ නම්ද මේ වන විට පොලිිසියට ලබා දී ඇතැයි කියැවේ. ඒ අතර මිය ගිය චරිත්ට නවක වධකයන් ලබා දී ඇති වධයන් ගැනද පූර්ණ විස්තරයක් පොලිසිය වෙත හෙළිදරව් වී ඇති බව සඳහන් වේ.

පසුගියදා සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන මියයාමේ සිදුවීමත් සමඟම සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය පිළිබඳවත් සමාජයේ බොහෝ සෙයින් කතා බහටලක්වුනා.

ලිංග පරිවර්තනය වන්නේ ද කර්ම නිසයි...!!! අමුතුම ලිපියක්

ලිංග පරිවර්තනය වන්නේ ද කර්ම නිසයි...!!! අමුතුම ලිපියක්

මෙම සිසුවා ගෙල වැලලාගෙන මියගිය මානසික අව පීඩන තත්ත්වයෙන් නිසා බව ඔහු ලිඛිතව ලියුමකින් ලියා තබා තිබුණත් මේ සිදුවීම වීමට දවස් කීපයකට පෙර ඔහු අධික ලෙස නවකවදය නිසා නිරන්තරයෙන්ම පීඩාවට ලක්වී තිබෙනවා.

මේ හේතුව නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන විට සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් හතර දෙනෙක් අත්අඩංගුවට ගැනීම සිදුවුණා.

ඒ වගේම අද වන විට මෙම සිදුවීමට සම්බන්ධ වෙමින් ක්‍රියා කළ තවත් සිසුන් හතර දෙනෙක් සමනල වැව පොලිසිය වෙත භාරවී තිබෙනවා. ඒ අනුව පොලිසිය වෙත භාර වූ මෙම සිසුන් හතර දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බවට පොලිසිය ප්‍රකාශ කළා.

භාවනානුයෝගී හිමිනමකට පොලු මුගුරුවලින් පහර දෙයි

භාවනානුයෝගී හිමිනමකට පොලු මුගුරුවලින් පහර දෙයි

තවද සබරගමු විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ. නවක වධය හේතුවෙන් සිසුවෙකු මිය යාම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් 4 දෙනෙකු ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන තිබේ.