ඉපැරණි බෞද්ධ ස්ථූපයක තිබූ මැණික් තොගයක් වෙන්දේසියකට

By Mithu May 05, 2025 06:20 PM GMT
Report

1898 වසරේදී ලුම්බිණි නුවර ආසන්නේ පිහිටි ඉපැරැණි ස්තූපයක සිදුකළ කැණීම් අතරතුර සොයාගත් බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොං හී දී වෙන්දේසියකට තබා තිබේ.

අත්අඩංගුවට ගත් සබරගමු සරසවි සිසුන් රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් සබරගමු සරසවි සිසුන් රිමාන්ඩ්

සොතබි සමාගම පවත්වන මෙම වෙන්දේසියේදී මුතු සහ විවිධ වර්ගයේ මැණික් කැට 1,800ක් පමණ වෙන්දේසියට තබා ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ලොව පුරා බෞද්ධ ප්‍රජාවගේ දැඩි විරෝධය මෙම වෙන්දේසියට එල්ල වී ඇති අතර එම විරෝධතා මත මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිත බවද සඳහන් වේ. මෙම වෙන්දේසිය එළැඹෙන මැයි 07 වැනිදා ආරම්භ වන අතර එහි ආරම්භක ලංසුව ලෙස සඳහන් කර ඇත්තේ හොංකොං ඩොලර් මිලියන 100ක මුදලකි.

මාධවීගේ කලින් සැමියා යුග දිවියට

මාධවීගේ කලින් සැමියා යුග දිවියට