පුදුමයි නේද?. කවදාවත් විදුලි බිල ගැන මෙහෙම දෙයක් අහලා තියෙනවා ද?. වුණ දෙයක්..
ශ්‍රී ලංකාවේ විදුලි බිල තුන් ගුණයක තරම් ඉහළ අගයක පවතින බව වාර්තා වේ.
ඒ ආසියාවේ රටවල්වලට සාපේක්ෂව ය.
විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන වියදම සඳහා විදුලිය ජනනය කරන කාලසීමාව ද සලකා බැලිය යුතු වේ.
එමෙන්ම, දිනපතා සවස 6 සිට 11 දක්වා කාලය තුළ අධික විදුලිය පරිභෝජනයක් සිදු වේ.
මේ හේතුවෙන් ජල විදුලියට අමතරව දැවි තෙල්, ගල්අඟුරු වැනි බලාගාර ද ක්‍රියාත්මක කරයි.
එම හේතු මත ලංකාවේ විදුලිය ගාස්තුව අධික වී තිබෙනවා.
මේ අතර, ලෝකයේ සමහර රටවල විදුලි පාරිභෝගිකයන්ට නවීන ක්‍රම හඳුන්වා දී ඇත.
ඒ අනුව “ප්‍රී පේඩ්” ක්‍රම හරහා පාරිභෝගිකයන්ට සිය අවශ්‍යතාව පරිදි විදුලිය ලබාගත හැකි වේ.
එබැවින් ඔවුන්ට අධික විදුලි ගාස්තුවක් ඇති නොවේ.
කෙසේ වෙතත්, විදුලිය සඳහා (Smart meters) භාවිතය තුළ පාරිභෝගිකයාට විදුලිය පරිභෝජනය අවම කරගත හැකිව තිබෙන බව සඳහන් වේ.
එම ක්‍රමය මගින් පාරිභෝගිකයාට දිනපතා සවස 6 සිට 11 අතර විදුලිය පරිභෝජනය කළමනාකරණය කර ගැනීමට හැකි වේ.