මේ රජයේ නිලධාරීන්ට පෞද්ගලික පාවිච්චියට රජයෙන් වාහනයක්

Report

පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය වෙනුවෙන් විශේෂ තීරණ කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.

ඒ අනුව, පොලිස් නිලධාරීන්ට පෞද්ගලික භාවිතය සඳහා සහනදායී ක්‍රමවේදයක් යටතේ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන යතුරුපැදි ලබා දීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙම යතුරුපැදි සඳහා වන රජයේ බදු මුදල පොලිස් දෙපාර්තමේන්තුව විසින් දරනු ලබන අතර, නිලධාරීන්ගේ වැටුපෙන් සාධාරණ වාරික මුදලක් අය කරගනිමින් මෙම පහසුකම ලබා දීමට නියමිත වේ.

මුළු ලංකාවටම විශේෂ නිවේදනයක් - අප්‍රේල් වෙනකන් සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

මුළු ලංකාවටම විශේෂ නිවේදනයක් - අප්‍රේල් වෙනකන් සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

මීට අමතරව, පොලිස් නිලධාරීන්ගේ සේවා තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් තවත් වැදගත් තීරණයක් ගෙන තිබේ.

සේවයේ පවතින දැඩි කාර්යබහුලත්වය හේතුවෙන් නිලධාරීන්ට නිසි පරිදි නිවාඩු ලබා ගැනීමට නොහැකි වී ඇති බවට ලැබුණු කරුණු  හේතුවෙන් , සෑම නිලධාරියෙකුටම මසකට අවම වශයෙන් දින තුනක නිවාඩුවක් ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇත.

නිලධාරීන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යය මෙන්ම ඔවුන්ගේ සුභසාධනය ඉහළ නැංවීම මෙම පියවරයන්හි මූලික අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙන්න මේ ගෞරවාන්විත රැකියාවට යන්න ඔයත් බලාගෙන හිටියද - අයදුම්පත් කැදවලා

මෙන්න මේ ගෞරවාන්විත රැකියාවට යන්න ඔයත් බලාගෙන හිටියද - අයදුම්පත් කැදවලා