මුළු ලංකාවටම විශේෂ නිවේදනයක් - අප්‍රේල් වෙනකන් සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

Report

දැනට පවතින තත්ත්වයට වඩා එළඹෙන අප්‍රේල් මාසයේදී දිවයිනේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග කොටසේ ස්ථාන ස්වල්පයක වැසි බලාපොරොත්තු විය හැකි වුවද, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවයි.

පළාත් කිහිපයක උණුසුම අදත් අවධානය යොමු කළ යුතු මට්ටමක

පළාත් කිහිපයක උණුසුම අදත් අවධානය යොමු කළ යුතු මට්ටමක

ඒ අනුව ඉදිරි දින 10ක කාලය තුළ දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් පතිත නොවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පුරෝකථනය කරයි.

මේ අතර අද (28) දිනයේදී මධ්‍යම කඳුකරය හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල උෂ්ණත්වය මිනිස් සිරුරට තදින් දැනෙන, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවද ඒ මහතා සඳහන් කරයි.

මේ අයට මාසෙකට දින තුනක් නිවාඩු ලබාදෙන ලෙසට දැනුම් දීමක්

මේ අයට මාසෙකට දින තුනක් නිවාඩු ලබාදෙන ලෙසට දැනුම් දීමක්