ලොවම මවිත කරමින් පළමු විදුලි ගුවන් යානයක් කරළියට එයි..

Airplane World market First electric car
By Aruna Feb 01, 2022 03:39 AM GMT
Aruna

Aruna

Report

සම්පූර්ණ විදුලි බලයෙන් පියාසර කළ හැකි ලොව පළමු වරට නිපදවූ ගුවන් යානය සිය පළමු පියාසැරිය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

“ඇලිස්” ලෙස නම් කර ඇති මෙම ගුවන් යානය ඊශ්‍රායලයේ නිෂ්පාදනයක්.

විදුලි මෝටර් රථයක හා ජංගම දුරකතනයක බැටරි තාක්ෂණයට සමාන තාක්ෂණයකින් නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය විනාඩි 30 ක් ආරෝපණය කිරීම ප්‍රමාණවත්වීම විශේෂත්වයක් වනවා.

මගීන් නව දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු ද සමඟ පැයයි විනාඩි 40 ක පියාසැරියකට එය ප්‍රමාණවත්.

මේ වන විට පියාසර කරන බෝයිං 737 වැනි ගුවන් යානයක වේගය පැයට සැතපුම් 588 ක් වුවද මෙම ගුවන් යානයේ උපරිම වේගය පැයට සැතපුම් 287 ක්.

ඊශ්‍රායල් සමාගමේ සැලසුම වන්නේ මගීන් සංඛ්‍යාව 20 සිට 40 දක්වා වැඩි කිරීමටයි.

මගී ගුවන් යානයක් සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලෙස අදියර දෙකකින් මෙය සංවර්ධන කිරීමටයි නියමිතව ඇත්තේ.

මෙමගින් රැගෙන යා හැකි බර කිලෝග්‍රෑම් 386 ක්.

ගුවන් යානයේ නිෂ්පාදිත ඊශ්‍රායල් සමාගම පවසන්නේ සෙසු වාණිජ ගුවන්යානාවල නඩත්තු සහ මෙහෙයුම් පිරිවැයට වඩා මෙම විද්‍යුත් ගුවන් යානයේ පිරිවැය සියයට 70 කින් පමණ අඩු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha