කොරෝනා අතරේ මැතිවරණයකට සූදානමක්??හේතුව මෙන්න.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ස්ථාවර සංඛ්‍යාවක් දක්වා අඩු කළ යුතු බවට මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙනවා.
එසේම, අදාළ කමිටුව පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් තවත් යෝජනා රැසක් ද ඉදිරිපත් කරනු ලැබුවා.
ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති අතර, එහි සඳහන් නිර්දේශ ගණන 12ක්.
කිසියම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයක නියෝජනයක් ලබා ගැනීමට නම් එම කණ්ඩායම අදාළ බල ප්‍රදේශයේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 25ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතු බව ද අදාළ නිර්දේශවල දැක්වෙනවා.
කාන්තා නියෝජනය දිරිමත් කිරීම සම්බන්ධයෙන් ද යෝජනා එහි ඇතුළත්.
මේ අතර කල් ඉකුත් වූ පලාත් සභා මැතිවරණයද තවමත් පවත්වා නොමැති පසුබිමක පලාත් පාලන ආයතන මැතිවරණයත් ලඟ ලඟම පවත්වන්නට කටයුතු කිරීමක්දැයි ඡන්ද දායකයින්ට මෙය හැගෙන කරුණක් වනවා නොවනුමානයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |