පිලිපිනයේ ඡන්ද විමසීම ඇරඹේ
Election
World
Sinhala news
By Hashan
පිලිපිනයේ මධ්‍ය කාලීන මැතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මෙවර මැතිවරණය සදහා මිලියන 68 ක් පමණ ඡන්දය දායකයන් ප්‍රමාණයක් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙවර මැතිවරණය සදහා ජනාධිපති මාකෝස් ජූනියර්ගේ ගේ අපේක්ෂයින් සහ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ ගේ දියණිය වන උප ජනාධිපති සාරා ඩුටර්ටේගේ අපේක්ෂකයින් ප්‍රධාන වශයෙන් තරග වදින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
කෙසේ වෙතත් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 317 න් 254 ක් ඡන්දයෙන් පත්වන අතර, අනෙක් ආසන 63 සදහා සභිකයින් තෝරා ගැනෙන්නේ පක්ෂ ලැයිස්තුවකින්.
