අදාළ සිතාසි මට ලැබුණේ නෑ - සෙමිනීගෙන් ප්‍රකාශයක්
තමාව අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ තමන්ට අයත් පුද්ගලික ආරක්ෂක සේවා ලබාදෙන ව්‍යාපාරයේ සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල් පිලිබද ඇති වු ගැටලුවක් පිළිබඳව අධිකරණය මඟින් නිකුත් කර තිබූ සිතාසි තමන්ට නොලැබීම සම්බන්ධ ගැටලුවක් නිසා බව ප්‍රවීණ රංගන ශිල්පී සේමිණි ඉද්දමල්ගොඩ පවසනවා.
ඒ අනුව ඊයේ දිනයේ සිය සැමියාගේ මෝටර් රථය අනතුරට ලක්වූ බවත් ඔහු සමඟ වැලිකඩ පොලීසියට ගිය අවස්ථාවේදී වරෙන්තු වගයක් ඇති බවට පවසා තමාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් ඒ මොහොත වන තෙක් තමා ඒ සම්බන්ධයෙන් දැන නොසිටි බවයි අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.
අදාළ නඩු සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සිතාසි තමන්ට නොලැබුණු බවත් ඒවා ලබාදී තිබුණේ එම ව්‍යාපාරය පවත්වාගෙන ගිය පැරණි කාර්යාලයට වන බවත් ඒ සම්බන්ධයෙන් තමාගේ කිසිදු දැනුවත්වීමක් නොමැති බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මම සිතාසි 07 ට අදාළ නඩු සම්බන්ධයෙන් පවතින සියළු ගෙවීම් මේ වනවිටත් ගෙවා අවසන් කර ඇති බවත් ඊට අදාල සියලුම ලියකියිවලි අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි ඇය ප්‍රකාශ කර සිටියේ.
