ඉදිරි අයවැයෙන් තවත් අලුත් වැඩක්, මේ කට්ටියව පුහුණු කරන්න විශේෂ අවධානයක්

Report

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව මෙම සාකච්ඡාවේදී ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට එක් එක් කණ්ඩායම් වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන නිසි ලෙස භාවිත කරමින් ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කරගැනීමේ වැඩපිළිවෙළ ඵලදායීව ක්‍රියාත්මක කරන මෙන් මෙහිදී නිලධාරින්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

සුබ ආරංචියක්..රජයෙන් රුපියල් මිලියනයක මූල්‍යාධාරයක්, දෙන්නේ මෙයාලට

සුබ ආරංචියක්..රජයෙන් රුපියල් මිලියනයක මූල්‍යාධාරයක්, දෙන්නේ මෙයාලට

එමගින් ගමට මුදල් ගලා යාම සමග ග්‍රාමීය ආර්ථිකය වේගයෙන් වර්ධනය කළ හැකි බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

එසේම අදාළ ව්‍යාපෘති සහ වැඩසටහන් විධිමත්ව සහ සැලසුම්සහගතව ක්‍රියාවට නංවමින් ජනතාවට මෙම ප්‍රතිලාභ අත්කර දීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවද ජනාධිපතිවරයා සිහිපත් කර ඇති බව සඳහන්.

ඒ අනුව සමාජයේ සිටින ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඔවුන් සමාජයේ අවවරප්‍රසාදිත පුද්ගලයින් ලෙස සැලකීම වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගැනීමටත් උපදෙස් දී ඇත.

බුකිය ගිනි තබමින් එලියට ආ නදීශාගේ අලුත්ම ජායාරූප පෙළ බලන්න

බුකිය ගිනි තබමින් එලියට ආ නදීශාගේ අලුත්ම ජායාරූප පෙළ බලන්න

එමෙන්ම සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනට මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කරන ලෙසද ඔහු උපදෙස් දී ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ බව සඳහන්.

අගමැතිතුමියට නම් උත්තර දෙන්න එපා කියන්න නැත්තම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා, නාමල් ආවේස වෙයි

අගමැතිතුමියට නම් උත්තර දෙන්න එපා කියන්න නැත්තම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා, නාමල් ආවේස වෙයි