"ඇඟිලි සලකුණු තියන්න බැරිනම් වෙන රස්සාවක් හොයාගන්න එකයි ඇත්තේ ඉල්ලීම් 19න් 17ක්ම කරා තවත් මොනවද කියන්නේ?" - අමාත්‍ය නලින්ද ජයතිස්ස

Report

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පවසන්නේ වර්ජනයෙහි නිරත වී සිටින තැපැල් වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඉල්ලීම් 19ක් අතරින් ඉල්ලීම් 17ක්ම ඉටුකර අවසන් බවයි.

නමුත් වැඩිකර ඇති අතීකාල තවත් වැඩි කිරීම සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය නතර කිරීම යන ඉල්ලීම් කිසිසේත් පිළිගත නොහැකි බව ඔහු පවසයි.

සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්

සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්

මොවුන්ගේ මෙම ඉල්ලීම් ඉටු කල නොහැකි අතර එම ක්‍රියාමාර්ගයන් පිළිනොගන්නා සේවකයන්ට වෙනත් රැකියා සොයාගත හැකි බව ද නලින්ද අමාත්‍යවරයා පවසයි.

තවද ඔවුන්ගේ ඉල්ලීම් කිසිසේත් ලබා නොදෙන දැඩි ප්‍රතිපත්තියක ආණ්ඩුව සිටින බවත් ජනතාව ද සිදුවන අපහසුතා දරා ගනිමින් මෙම ආයතන ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළට සහයෝගය ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා පවසයි. 

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

පසුගිය දවසට සාපේක්ෂව අද වාර්තා වන රන් මිල

පසුගිය දවසට සාපේක්ෂව අද වාර්තා වන රන් මිල