විදේශීය සිසුන් 6,000කට වැඩි ගණනකගේ වීසා අවලංගු කරයි
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ආගමන නීති දැඩි කරමින්, නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් පිටුවහල් කිරීමට සහ විවිධ හේතු මත විදේශීය සිසුන්ගේ වීසා අවලංගු කිරීමට කටයුතු කර ඇත.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන පරිදි, බීමතින් රිය පැදවීම, අපරාධ වැරදි, ත්‍රස්තවාදයට සහාය දීම, සහ පලස්තීනයට සහාය දක්වමින් විරෝධතාවල යෙදුණු බවට චෝදනා එල්ල වූ විදේශීය සිසුන් 6,000කට වැඩි ගණනකගේ වීසා අවලංගු කර ඇත.

"ඇඟිලි සලකුණු තියන්න බැරිනම් වෙන රස්සාවක් හොයාගන්න එකයි ඇත්තේ ඉල්ලීම් 19න් 17ක්ම කරා තවත් මොනවද කියන්නේ?" - අමාත්‍ය නලින්ද ජයතිස්ස
මෙම පියවර ට්‍රම්ප් පරිපාලනයේ විදේශීය සිසුන්ට එරෙහි දැඩි ආගමන ප්‍රතිපත්තියක කොටසකි. විශේෂයෙන්, පලස්තීන හිතවාදී විරෝධතාවලට සම්බන්ධ සිසුන් ඉලක්ක කර ගැනීම ආන්දෝලනාත්මක වී ඇති අතර, මෙය නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙස එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයට එරෙහිවන බවට විවේචකයෝ පවසති.
රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ ප්‍රකාශ කර ඇත්තේ, එක්සත් ජනපදයේ "විදේශ ප්‍රතිපත්තිවලට එරෙහි" ක්‍රියාවන්හි යෙදෙන සිසුන්ගේ වීසා අවලංගු කිරීමටත්, ඔවුන් පිටුවහල් කිරීමටත් බලය ඇති බවයි. මෙම වීසා අවලංගු කිරීම් 32කට වැඩි ප්‍රාන්තවල සිසුන්ට බලපා ඇති බව බිබිසී වාර්තා කර ඇත.