කෙටි පණිවුඩ යවනවනම් බලාගෙන..අලුතින් නීතියක් ගේන්න යයි..

Election Commission of Sri Lanka Election
By Aruna Nov 24, 2024 02:46 AM GMT
Aruna

Aruna

Report

මැතිවරණ සමයේ දී දුරකථන ඔස්සේ මනාප ඉල්ලා කෙටි පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම සම්බන්ධයෙන් වූ නීති රෙගුලාසි ලබන වසරේ මාර්තු 18 වැනිදා සිට බලාත්මක වන බව දත්ත ආරක්ෂණ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වරුණ ශ්‍රී ධනපාල මහතා ප්‍රකාශ කර තිබෙනවා.

2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි පෞද්ගලික දත්ත සැකසීම, දත්ත දායකයන්ගේ අයිතිවාසිකම්, පාලකවරුන් හා දත්ත සකසන්නන් සහ දඩ මුදල් සම්බන්ධයෙන් නීති රෙගුලාසි දක්වා ඇත.

නව ජනපති පාසල් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගන්න යයි..ගුරු-විදුහල්පතිවරුන්ටත් ඇගිල්ල දිගු වෙයි.

නව ජනපති පාසල් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගන්න යයි..ගුරු-විදුහල්පතිවරුන්ටත් ඇගිල්ල දිගු වෙයි.


එම පනතේ 27 වැනි ඡේදයේ පළමු කොටසේ සඳහන් කර ඇති පරිදි ආයාචිත පණිවුඩ ගැනීම සඳහා දත්ත දායකයකු විසින් කැමැත්ත දී ඇත්නම් පමණක් පණිවුඩ පතුරුවා හැරීමේ කාර්ය සඳහා පාලකවරයකු විසින් තැපැල් සේවා, විදුලි සංදේශ සේවා, විද්‍යුත් ක්‍රම හෝ ඊට සමාන වෙනත් ක්‍රමයක් භාවිත කළ හැකිය.

එමගින් අදහස් කෙරෙන්නේ ග්‍රාහකයන්ගේ ඉල්ලීමකින් තොරව කිසිදු ආයාචිත කෙටි පණිවුඩයක් යැවිය නොහැකි බවයි.

යම් හෙයකින් තම පෞද්ගලිකත්වයට හානි වන පරිදි පෞද්ගලික දත්ත රැස්කර ගබඩා කර සහ දත්ත සකසා ඇති බවට සැක කරන්නේ නම් එළැඹෙන මාර්තු 18 වැනිදායින් පසු දත්ත ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කළ හැකිය.

You May Like This Video


ReeCha