නව ජනපති පාසල් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගන්න යයි..ගුරු-විදුහල්පතිවරුන්ටත් ඇගිල්ල දිගු වෙයි.

Sri Lankan Schools Education
By Aruna Nov 24, 2024 01:12 AM GMT
Aruna

Aruna

Report

සිසුන් පනස්දෙනකුට අඩු ඇතැම් පාසල්වල විදුහල්පතිවරු හා ගුරුවරු තමන්ට රිසි සේ කටයුුතු කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය කළ සොයා බැලීමක දී අනාවරණය වී තිබෙනවා.

මෙම පාසල්වල විෂය නිර්දේශ ආවරණය කිරීම් ඉතාම අවම මට්ටමක පවතින බවත් විදුහල්පතිවරු හා ගුරුවරු පාසලට පැමිණීමේදී හා පාසලින් බැහැර වීමේදී අදාළ චක්‍රලේඛ කිසිදු අයුරකින් නොපිළිපදින බවත් මෙම සොයා බැලීමේ දී හෙළි වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම පාසල් සම්බන්ධයෙන් සොයා බැලීමට සිදුව ඇත්තේ එම පාසල්වලට අදාළ වාර්තාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කැඳවනු ලැබ ඇති නිසා ය.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..ලග්න 03 අය ඉතාමත් ආරක්ෂාකාරී වන්න.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..ලග්න 03 අය ඉතාමත් ආරක්ෂාකාරී වන්න.


සිසුවෙක් හෝ දෙන්නෙක් සිටින පාසල් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විමසා ඇති බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග පෙර පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සිසුන් අවමව සිටින පාසල් සම්බන්ධයෙන් යම් තීරණයක් ගත යුතු බවයි.

අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටින්නේ, අමාත්‍යාංශයේ වාර්තාව ලැබීමෙන් පසු මෙම පාසල්වලට අදාළව නව තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවයි.

සිසුන් හතළිස් පන් දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙම පාසල්වල අධ්‍යාපනය ලබන අතර නවදහසකට ආසන්න ගුරුවරු පිරිසක් ද වනවා.

You may like this Video


ReeCha