ජූනිවල වෙන්න යන විනාසේ තහවුරුයි - ලංකාවේ නිරිතදිග මෝසම පටන් ගද්දිම වෙන දේ රටටම දැනුම් දෙයි
ජූනි මාසය පමණ වන විටදී එල්නිනෝ තත්ත්වය වර්ධනය වීමේ සම්භාවිතාව වැඩි බවට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) තහවුරු කර තිබෙනවා.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ මධ්‍යම පැසිෆික් සාගරය සහ නැගෙනහිර සාගරයේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා වැඩිවීම (සාගර උණුසුම වැඩිවීම) එල්නිනෝ තත්ත්වය වශයෙන් හඳුන්වන බවයි.
එසේම සාගරයේ උණුසුම වැඩිවීම සාමාන්‍යයෙන් වායුගෝලයේ වෙනස්වීම්වලට බලපාන බවත්, එනම් සුළඟේ සංසරණ රටාව වෙනස්වීමට බලපාන බවත් ඔහු පවසයි.
එබැවින් මෙම තත්ත්වය ලෝකයේ විවිධ ස්ථානවලට විවිධාකාරයෙන් බලපාන බවත්, සමහර ස්ථානවල උණුසුම වැඩිවී වර්ෂාව අඩුවී නියං තත්ත්වයන් ඇතිවන බවත්, සමහර ප්‍රදේශවලට වර්ෂාව වැඩියෙන් ලැබීමෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවන බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.
කෙසේ වෙතත් එල්නිනෝ තත්ත්වය වර්ධනය වන කාලයේදී මෙරට පවතින්නේ නිරිතදිග මෝසම බවත්, එල්නිනෝ බලපෑම ඇති කරනු ලබන්නේ නිරිත දිග මෝසමට සහ ඉන් ඉදිරියට බවත් ඔහු ප්‍රකාශ කර අත.
එමෙන්ම නිරිත දිග මෝසම මැයි මස අග ආරම්භවීමෙන් පසුව සැප්තැම්බර් දක්වා පවතින බවත්, පසුව දෙවන අන්තර් මෝසම් තත්ත්වයද,ඊට පසුව තිබෙන්නේ ඊසාන දින මෝසම බවත් එම තත්ත්වයන්ට එල්නිනෝ බලපෑම පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
තවද ඔහු කියා ඇත්තේ වායුගෝලයේ සුළං රටාව වෙනස්වූ පසුව වර්ෂාව අඩු වැඩිවීමේ හැකියාව පවතින බවත්, මෙම එල්නිනෝ තත්ත්වයේ බලපෑම ඉක්මනින්ම බලපාන්නේ නිරිත දිග මෝසමට බවත් ය.