අද සිට බිත්තරයක නව මිල මෙන්න.. බිත්තර කන අයට දැනුම්දීමක්..

Report

සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල අද (21) සිට රුපියල් 43ක් දක්වා ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කළා.

වැට් වැඩිවීමත් සමග ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක් රුපියල් 35කට අලෙවි කිරීමට නොහැකි බැවින් සතොස අලෙවිසැල් බිත්තර අලෙවි කිරීම සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.

අද සිට බිත්තරයක නව මිල මෙන්න.. බිත්තර කන අයට දැනුම්දීමක්.. | Eggs Price More

ඒ අනුව මේ වනවිට සතොස අලෙවිසැල්වල බිත්තර හිඟයක් මතුවී ඇති බව ද වාර්තා වේ. එවන් වාතාවරණයක යළිත් වෙළෙඳපොළේ දේශීය බිත්තර මිල ඉහළ ගොස් ඇති අයුරු දක්නට ඇත.

ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ද පැවසුවේ, වැට් වැඩිකිරීම නිසා ඉන්දියාවෙන් රුපියල් 35කට ආනයන කළ බිත්තරයක් රුපියල් 42කට අලෙවි කිරීමට සිදුවන බවයි.

මෙරට වෙළෙඳපොළේ බිත්තරයක්ද රුපියල් 42ක් වැනි මිලකට පසුගිය දින කිහිපයේ අලෙවි වීම නිසා ඉන්දියාවෙන් ආනයනය කිරීම සීමා කිරීමට රජය පියවර ගෙන තිබුණා.

ඒ අනුව ඊයේ(20) නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සුදු හා රතු බිත්තරයක් අලෙවි වූයේ රුපියල් 52ක මිලකටයි.

කෙසේවෙතත් දේශීය බිත්තර හා කුකුළු මස් හිඟයකින් තොරව වෙළෙඳපොළේ පවතින බව, සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

Sponsored By Sarrita Jewellery

අද සිට බිත්තරයක නව මිල මෙන්න.. බිත්තර කන අයට දැනුම්දීමක්.. | Eggs Price More