බිත්තර මිල පහලට.- විශේෂ තීරණයත් සමඟ නවබ් බිත්තර මිල ගණන් මෙන්න.

Egg Sri Lanka Market
By Wayomi Oct 24, 2024 09:54 AM GMT
Wayomi

Wayomi

Report

බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකගතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කළා.

බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමග වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී එම නියෝජිතයන් මෙම එකගතාවය දැක්වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් කියා සිටියා.

කලින් ආණ්ඩුවේ ඉඳන් අරුගම්බේ ප්‍රහාරය ගැන අනතුරු අඟවලා. - රටේ දැන් තත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක්. - (LIVE VIDEO)

කලින් ආණ්ඩුවේ ඉඳන් අරුගම්බේ ප්‍රහාරය ගැන අනතුරු අඟවලා. - රටේ දැන් තත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක්. - (LIVE VIDEO)

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.නයිමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත් වූ අතර මෙම විශේෂ සාකච්ඡාවට සහභාගි වූ සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ, මේ වනවිට වෙළඳ පොළේ බිත්තරයක් රුපියල් 45 ට අඩුවෙන් සිල්ලර මිලට ලබා ගත හැකි බවයි.

එමෙන්ම දැනට දිනක බිත්තර නිෂ්පාදනය ලක්ෂ 85 දක්වා ඉහළ ගොස් ඇති බවත් ගොවිපොළෙන් බිත්තරයක් රුපියල් 35,36 තොග මිලට නිකුත් කරන බවද ඔහු සඳහන් කළා.

ප්‍රභූ ආරක්‍ෂකයන්ට කඩේ යන්න.. බල්ලෝ නාවන්න..දරුවන් පාසල් රැගෙන යන්න තහනම්. - විශේෂ දැනුම්දීමක්.

ප්‍රභූ ආරක්‍ෂකයන්ට කඩේ යන්න.. බල්ලෝ නාවන්න..දරුවන් පාසල් රැගෙන යන්න තහනම්. - විශේෂ දැනුම්දීමක්.