බිත්තර මිල ගැන වෙළද ඇමතිගෙන් ප්‍රකාශයක්..

By Sithumi Nov 27, 2022 05:47 PM GMT
Sithumi

Sithumi

Report

 මෙරට බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ අසාමාන්‍ය අයුරින් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ගනේමුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සාමාන්‍යයෙන් සිදුවන්නේ යම්කිසි භාණ්ඩයක මිල අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ යාමේදී ඊට සාපේක්ෂව ඉහළ යන බවත්, එම භාණ්ඩවල මිල යළි පහළ යන විට අදාළ භාණ්ඩයේ ද මිල පහළ යන බව ඔහු පවසනවා.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වැඩිෆ්හුරටත් පැවසුවේ එහෙත් බිත්තර මිල එලෙස අඩු නොවීම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් උද්ගතවී ඇති බවයි