ආයෙත් එක පාරටම බිත්තර මිල වෙනස් වෙයි..? සඳුදද අඟහරුවාදා ද..?
By Sewvandhi
මේ දිනවල නිතර නිතර කතා බහට ලක්වෙන මාතෘකාවක් තමයි බිත්තර මිල කියන්නේ. ඉතින් බිත්තර මිල වැඩි කරත් අඩු කළත් පාරිභෝගිකයන්ට නම් හැමදාම ලැබුණේ වැඩිම මිලට තමයි.
ගෙවීගිය කාලය තුළ බිත්තර මිලේ සිදුවුණු වෙනස්කම් ගැන ඇත්තම හේතුවක් තවමත් හොයාගන්න වත් නැහැ..
ඒ අතරේ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය කියන්නේ, ලබන සතියේ සඳුදා, අඟහරුවාදා දිනයන් වනවිට බිත්තරයක මිල ආයෙත් අඩුවෙන්න පුළුවන් කියලා.
එහි සභාපති සරත් රත්නායක පවසන්නේ බිත්තරයක සිල්ලර මිල රුපියල් 45 සිට 35 දක්වා අඩුවිය හැකි බවයි.