අප්‍රේල් 29 සිට මැයි 09 දක්වා කරන දෙයක් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්...
දිවයිනේ ජාතික පාසල්වලට ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම 2023 (2024)සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව පසුගිය මාර්තු 2 වන දින පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් මස 29 වන දින සිට මැයි 9 වන දින දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ, සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයයේ වෙබ් අඩවියේ පළ කර ඇති බවයි.
මේ අතර, පාසල් පද්ධතිය තුළ පවතින බරපතළ ගුරු හිඟය පියවීම සඳහා අධ්‍යාපන බලධාරීන් මේ වනතෙක් කිසිදු විධිමත් වැඩටහනක් සකස් කර නොමැති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.
එහි සභාපති ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ, බඳවා ගත් ගුරුවරු ක්‍රමවත් පරිදි ස්ථානගත කර නොමැති බවයි.
