ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස්වෙයි

Report

බාහිර ආර්ථික බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීමට සහ ජනතාවගේ සුභසාධනය ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති ආර්ථික ආවේක්ෂණ කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යෝජනාවකට අනුව මෙම කමිටුව පිහිටුවා තිබේ.

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් කමිටුව පැවැත්වුණු අතර, ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා එහි ලේකම් සහ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.

මෙම රැස්වීමට මහබැංකු අධිපති P.නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ඇතුළු රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශ නියෝජිතයන් සහභාගී වී සිටියහ.

මේ වනවිට මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථිකය අස්ථාවර වීමේ අවදානමක් මතුව ඇති අතර, එමඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ.

ඒ අනුව වෙළඳපොළ ස්ථාවරතාව රැක ගැනීම, ජනතාවට ඇතිවිය හැකි ආර්ථික බලපෑම් අවම කිරීම සහ අවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විශේෂයෙන්ම ඉන්ධන ආනයනය, මැදපෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ප්‍රේෂණ, සහ එම කලාපය සමඟ ඇති වෙළඳ හා ආයෝජන සම්බන්ධතා මත ශ්‍රී ලංකා ආර්ථිකය බොහෝදුරට රඳා පවතින බැවින්, එවැනි බාහිර ආර්ථික කම්පන සම්බන්ධයෙන් නිරන්තර අධීක්ෂණයක් අවශ්‍ය බව ද මෙහිදී අවධාරණය කර ඇත.

QR ක්‍රමය නැවත ගෙනාවේ නම් ඉන්ධන මිල වැඩි නොවෙයි

QR ක්‍රමය නැවත ගෙනාවේ නම් ඉන්ධන මිල වැඩි නොවෙයි

දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ

දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ